සම්මුතිවාදී රජය පිහිටුවා අදට වසර දෙකයි..

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය රටට උදා කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවාගන්නා ලද සම්මුතිවාදී ආණ්ඩුවට අද (17) දිනට වසර දෙකක කාලයක් සපිරෙයි.

පසුගිය 2015 වසරේ අගෝස්තු 17වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීම සදහා කිසිදු දේශපාලන පක්ෂයක් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා නොගැනීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top