නව පළාත් පාලන පනත එළඹෙන 24 වන දින පාර්ලිමේන්තුවට – ලක්ෂ්මන් කිරිඇල්ල

සියලුම සිවිල් සංවිධාන, කාන්තා සංගම් නියෝජනය වන පරිදි ලබාගත් අදහස් අනුව සංශෝධන සහිතව ඉදිරිපත් කෙරෙන නව පළාත් පාලන පනත එළඹෙන 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කරයි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් පොදු එකඟතාවය මත මෙම පනත ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top