කබීර් හෂීම්ගෙන් තිස්ස අත්තනායකට ආරාධනයක්

ජාතික මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කළ පසු තමන් දේශපාලනමය තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ. හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ යළි පක්ෂය සමග එක්වන ලෙසට පාර්ශ්ව රැසකින් තමන්ට ආරාධනා ලැබෙන බවයි. වත්මන් දේශපාලන තත්ත්වය දැඩි ලෙස අවිනිශ්චිත වී තිබෙන බවත් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන යම් යම් මත ගැටුම් නිසා එහි ස්ථාවරයට බාධා මතුව ඇති බවත් සඳහන් කෙරුණා.

කෙසේවෙතත් තීරණාත්මක අවධියක් පැමිණි විගස යළි දේශපාලනයට පිවිසෙන බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් මහලේකම් කබීර් හෂීම් ද ආරාධනාවක් කළ බවත් පක්ෂයේ බොහෝ මන්ත්‍රිවරුන්ගෙන් යෝජනා පැමිණ ඇති බවත් සඳහන් කෙරුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top