බලතල ඉල්ලන්න කලින් උතුරු හා නැගෙනහිර තරුණ තරුණියන් පොලිස් සේවයට බැදිය යුතුයි..

පළාත් සභා සඳහා පොලිස් හා ඉඩම් බලතල ඉල්ලීමට ප්‍රථමව උතුරින් හා නැගෙනහිරින් තරුණ තරුණියන් පොලිස් සේවයට පැමිණිය යුතු බව ජාතික භාෂා හා ජාතික සහජීවනය ,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

“උතුරු නැගෙනහිර සිටින තරුණ තරුණියන්ට පොලිස් සේවයට ඇතුළු වෙන්න කියලා මම උතුරු පළාත් මහ ඇමතිට කතා කරලා කිව්වා. කව්රුත් එන්නේ නෑ. දෙමළ භාෂා කතා කරන පොලිස් නිලධාරින් අඩුයි. පොලිස් බලතල ඉල්ලනවා, නමුත් පොලිස් සේවයට ඇතුළු වන්න සුදානම් නෑ.

ඉතින් කොහොමද පොලිස් බලය දෙන්නේ. පළාත් සභාවලට පොලිස් බලතල දෙන්න කලින් පොලිස් සේවයට ඇතුළු වෙන්න උතුරු නැගෙනහිර සිටින තරුණ තරුණියන්ට උපදෙස් දෙන්න කියලා උතුරු, නැගෙනහිර මහ ඇමතිට හා දේශපාලන නායකයන්ට කියන්න කැමැතියි. ඒක මුලින් කරන්න. ඊට පස්සේ බලතල ඉල්ලන්න පුළුවන්.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top