නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න

හෙට (22) සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පත් කර ඇත.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත්විම් ලබන 2 වන නාවික හමුදාධිපතිවරයා වන්නේ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාය. මෙයට පෙර 2005 වසරේදී මෙහි ප්‍රධානී ලෙස අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා කටයුතු කර ඇත. එමෙන්ම එම ධූරයට පත්වන 7 වන ත්‍රිවිධ හමුදා ප්‍රධානී වශයෙන්ද ඔහු ඉතිහාසයට එක් වේ. තවද, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ සිටින ඉහළම නිලය වන්නේද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top