සමාජ ක්‍රියාකාරිකයකු වන මනියම් මාස්ටර් අතුරුදන්

සමාජ ක්‍රියාකාරිකයකු වන පොන්නයියා සුප්රමනියම් (මනියම් මාස්ටර්) නැමැත්තා පසුගිය මස 2වනදා සිට අතුරුදන්වී ඇති බව කිලිනොච්චිය පොලිසියට පැමිණිළි කර තිබේ.

පොන්නයියාා සුප්පරමනියම් හෙවත් මනියන්නා දර්මපුරම් ප්‍රදේශයේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයෙකු වන අතර, පසුගිය දෙවනදා සිට කිලිනොච්චියේ සිටින ඔහුගේ මිතුරන් සමග ද කිසිඳු සම්බන්‍ධකමක් පවත්වා නොමැත.

ඔහු දැඩි සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලනික මට්ටමින්ද කටයුතු කර ඇති බවත්, උතුර නැගෙනහිර කඳුකර ජනතා සංගමයේ නියෝජිතයෙකු ලෙස අඛණ්ඩව පෙනී සිටි පුද්ගලයෙකු බවද ඔහුගේ මිතුරන් පවසා තිබේ. නීර්වේලි ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ඔහු පසුගිය 2වනදා සිට අතුරුදන්වී ඇති බවට කිලිනොච්චිය පොලිසියට පැමිණිළි කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top