ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට වසරක කාලයක් විදේශ ගත වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) අවසර ලබා දී තිබේ.
ඇවන්ට් ගාර්ඞ් පුද්ගලික සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක විත්තිකරුවකුවන නිශ්ශංක සේනාධිපති මීට පෙර ඇප මත මුදාහැරීමේදී ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.
වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට සහ ජර්මනියට යාමට අවසර ලබා දෙන ලෙස නිශ්ශංක සේනාධිපති මහතා මෝසමක් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එයට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධය පළ නමුත් සේනාධිපති මහතාට එරෙහිව ඇති නඩු විභාගයන් සඳහා සහභාගී වන බවට දුන් පොරොන්දුව මත විදේශ ගත වීම සඳහා අධිකරණය අවසර ලබාදී තිබේ.
ඒ අනුව අධිකරණය භාරයේ රඳවා තිබෙන විත්තිකරුගේ විදෙස් ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරිමට ද අධිකරණය නියෝග කර තිබේ.
– Global Tamil News : Sinhala
Add Comment