විජයදාස රාජපක්‍ෂව අමාත්‍ය ධූරවලින් ඉවත් කරන්නැයි එජාප විසින් ජනපතිට දැනුම් දෙයි..

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණයට අනුව අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා දරණ අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දි තිබේ.

විජේදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම් උල්ලංඝණය කිරීමේ චෝදනාව එල්ලවී තිබෙන හෙයින් ඒ සම්බන්‍ධයෙන් තම පාර්ශවයෙන් නිවැරදි කිරීමේ අවස්ථාව ඊයේ දින දක්වා කාලය විජේදාස රාජක්‍ෂ මහතාට ලබාදී තිබූ නමුත් ඔහු විසින් එලෙස නිවැරදි කිරීමක් සිදු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවට නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් කබීර් හාෂීම් මහතා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top