ආවා කල්ලියේ 7 දෙනාව හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

යාපනයේ පොලිස් නිලධාරින්ට පහරදිමෙන් චෝදනා මත අත්අඩංගුවට පත්වූ ආවා කණ්ඩායමේ සාමාජිකයන් බව කියන සැකකරුවන් හත් දෙනාව ලබන 25 වනදා හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස යාපනය මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

පසුගිය මාසයේ කොක්කුවිල් ප්‍රදේශයේදී කෝප්පායි පොලිසියේ සේවය කළ නිලධාරින් දෙදෙනෙකුට ආවා කණ්ඩායමේ පිරිසක් විසින් දරුණු ලෙස පහරදී තිබුණි. සිද්ධිය සම්බන්‍ධයෙන් එම කණ්ඩායමට අයත් ප්‍රධාන සැකකරු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන් සතුව තිබී කඩු හා යතුරුපැදි ද පොලිස් භාරයට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top