යාපනය සිත්තන්කේනි ප්‍රදේශයේ පාලු ළිඳක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගනී

යාපනය සිත්තන්කේනි ප්‍රදේශයේ පාලු ළිඳක තිබී අද පෙරවරුවේ ප්‍රදේශවාසීන් විසින් කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ. පසුගිය දින දෙකක කාලයක් අවට ප්‍රදේශයේ අධික දුර්ගන්ධයක් පැතිරීමෙන් අනතුරුව කළ සොයා බැලීමකදී මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

මෙම මළ සිරුර දින කිහිපයකට පෙර සුළිපුරම් ප්‍රදේශයේ අතුරුදන්වූ බව කියන 37 හැවිරිදි කුකදාසන් තාරණි නැමැති කාන්තාවගේ විය හැකි බවට සැක පළකර තිබේ. අදාළ කාන්තාව ඝාතනයකොට මෙම ළිඳට ගෙනවිත් දමා ඇතැයි සැක මතුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top