SRILANKAN NEWS

පළාත් පාලන ඡන්දය සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැවැත්විය හැක – මැතිවරණ කොමසාරිස්

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට සභිකයින් පත් කරගැනීමේ ඡන්ද විමසීම සාමාන්‍ය පෙළ විභාගයට පෙර පවත්වා අවසන් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

පළාත් පාලන සංශෝධන පනත අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ නිසා ඡන්දය ලබන දෙසැම්බර් මස මුලදී පැවැත්විය හැකියැයි ඒ මහතා පවසයි.

මෙවර පළාත් පාලන ඡන්දය නව ක්‍රමයට පැවැත්වෙන අතර ඒ සඳහා 2017 ඡන්ද හිමි නාම ලේඛණය භාවිත කරන බවද ඒ මහතා පවසයි. මෙරව ඡන්දය පැවැත්වෙනුයේ කේවල හා සමානුපාතික මිශ්‍රක ක්‍රමයකටය.