ජාතික භික්‍ෂු දින සැමරුම හා සම්මන්ත‍්‍රණය අද

අද අගෝස්තු 26 දිනට යෙදෙන ජාතික භික්‍ෂු දිනය වෙනුවෙන් වන සමරුව හා සම්මන්ත‍්‍රණය මෙවරත් පැවැත්වීමට ජාතික භික්‍ෂු පෙරමුණ කටයුතු සංවිධානය කර තිබෙන අතර, එය අද පස්වරු 2.30ට කොළඹ නව නගර ශාලාවේදී මෙය පැවැත්වීමට කටයුතු කර තිබේ.

විහාරමහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අසළින් ඇරඹෙන පාගමනකින් අනුතුරුව සැමරුම හා සම්මන්ත‍්‍රණය පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික භික්‍ෂු පෙරමුණෙහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති.

“රට, රටේ හෙට සහ භික්‍ෂුවගේ වගකීම” මැයෙන් පැවැත්වෙන සම්මන්ත‍්‍රණය සහිත මෙම උත්සවයේ මුලසුන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අධිකරණ ලේඛකාධිකාරී, මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමිපාණන් වහන්සේ උසුලනු ලබති.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රධාන දේශනයක් පවත්වන අතර අමාත්‍යංශ හිටපු ලේකම් යූ.ඒ.ඩී. ගුණසේකර මහතාද ආරාධිත දේශනය පැවැත්වීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top