ප්‍රදේශ දෙකක සිඳුවූ රිය අනතුරුවලින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

පාදුක්ක වෙහෙරගලවත්ත ප්‍රදේශයේ දී අද අළුයම ත්‍රීරෝද රථයක වේගය පාලනය කරගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා තිබේ. අනතුරින් ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇති බව වාර්තාවේ.

මේ අතර කැප්පෙටිපොළ වැලිමඩ මාර්ගයේ දඹගහපල්ලම ප්‍රදේශයේ දී සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top