ඇමරිකාවේ ඉහළ නිළධාරියෙකු දිවයිනට..

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙන්ම. ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය සඳහා වැඩබලන ඇමෙරිකාවේ විශේෂ නියෝජිතවරිය වන ඇලිස් වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

අගෝස්තු මස 28 දා සිට සැප්තැම්බර් 02 දා දක්වා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා පාකිස්තානය යන රටවල්වල ඇය සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේදී ඇය දේශපාලන නායකයන්, රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් හා සිවිල් සමාජ නියෝජිතයන් හමුවීමට නියමිතය.

සැප්තැම්බර් 01 දා කොළඹදී පැවැත්වෙන ඉන්දීය සාගර සම්මේලනයද ඇය ඇමතීමට නියමිත බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top