එජාප යෙන් යළි තම දේශපාලන ගමන ආරම්භ කරනවා – තිස්ස අත්තනායක

තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස යළි සිය දේශපාලන ගමන ආරම්භ කරන බව එහි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ගෙලිඔය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන් මහින්ද රාජපක්ෂට සහය දුන්නාය කියන කාරණය පදනම් කරගෙන තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තල්ලු කිරීම අසාධාරණ බවත්, තමන්ට දේශපාලනික වශයෙන් තීරණයක් ගැනීමට තවමත් අවස්ථාව තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top