කිලිනොච්චියේ බස් නැවතුම් පොළක සිටි පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක්

කිලිනොච්චිය කෝනාවිල් ගාන්ධිකිරාමම් ප්‍රදේශයේ අද (27) දින පෙරවරු 8.30ට පමණ බස් නැවතුම් පොළේ රැඳී සිටි පුද්ගලයෙකුට කඩුවලින් පහරදී තිබේ. ට්‍රක්ටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස පහරදී පලා ගොස් තිබේ.

ගාන්ධිකිරාමම් ප්‍රදේශයේ පදිංචි කිරුබාරකන් නැමැති සිව් දරු පියෙකු මෙලෙස පහරදීමට ලක්වී ඇති බව වාර්තාවේ. බරපතල තුවාල ලැබූ ඔහුව කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති බවත්, කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top