නවගත්තේගම ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි 10ක් අත්අඩංගුවට

නවගත්තේගම ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක නිධන් හාරමින් සිටි විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබූ මල් බුලත් තට්ටුවක් ඇතුළු පුජා භාණ්ඩද,කැණීම් කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ රැසක්ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් ආණමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top