කිලිනොච්චිය රෝහලේ නව ගොඩනැගිළි සංකීර්ණය විවෘත කෙරේ..

කිලිනොච්චිය දිස්ත්‍රික්ක මහා රෝහලේ මනෝ චිකිත්සක සායනය සහ විශේෂඥ වෛද්‍ය නිල නිවස අද (29) දින උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

උතුරු පළාත් සභාව විසින් රුපියල් මිලියන 17.3ක වියදමින් ඉදිකළ මනෝ චිකිත්සක සායන ගොඩනැගිල්ල (වෛද්‍ය උපකරණද සහිතව) සහ රුපියල් මිලියන 14.6ක වියදමින් ඉදිකළ විශේෂඥ වෛද්‍ය නිල නිවස ද මෙලෙස අද දින විවෘත කරන ලදි.

මෙම අවස්ථාවට උතුරු පළාත් මහ ඇමැති, උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති ගුණසීලන්, හිටපු ‍සෞඛ්‍ය ඇමැති සත්‍යලිංගම්, පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන්, පළාත් සභා මන්ත්‍රීවරුන් වන අරියරත්නම්, තවනාදන්, පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂක කෙදීස්වරන්, කිලිනොච්චිය දිස්ත්‍රික්ක රෝහලේ අධ්‍යක්‍ෂක වෛද්‍ය මෛතිලි ඇතුළු පිරිසක් සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top