ඇවන්ගාඩ් සභාපතිට හා පාලිත ප්‍රනාන්දුට නොතීසි

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ලබන 19 වන දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (28) දින නොතීසි නිකුත් කර තිබේ.

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාදීම හා ලබා ගැනීම යන චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යනු ලබන නඩුව වසා තබන ලෙස අල්ලස් කොමිසම විසින් අධිකරණයට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව තාවකාලිකව බහා තබන ලෙසත්, විත්තිකරුවන් ලබන 19 වනදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙසද කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top