නව නාවික හමුදාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවේ

පසුගියදා නව ධූරයේ රාජකාරි ඇරඹු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඊයේ (28) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය. මෙය සිය ධුරයේ රාජකාරි ඇරඹීමෙන් පසු සින්නයියා මහතා සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර පළමු නිල හමුවවේ.

රාජ්‍ය අමාත්‍යවරයා සහ නාවික හමුදාපතිවරයා අතර සුහද සාකච්ඡාවක් පැවති අතර අනතුරුව දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පසුගිය අඟහරුවාදා දින (අගෝ 22) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වැනි නාවික හමුදාධිපතිවරයා වශයෙන් නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top