දිවයිනට පැමිණ සිටින ඇමරිකානු හිටපු නාවික හමුදා අද්මිරාල් මෙරට නාවික හමුදාපති හමුවෙයි..

දිවයිනට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ ෆැලන් මහතා ඊයේ (29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

එහිදී ඔවුන් අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සංවිධානය කරන ලද කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එතුමා අභිනව නාවික හමුදාපතිතුමන් වෙත සිය සුභපැතුම් එක් කරන ලදී. තවද, ඉන්දියන් සාගරය ආශ්‍රිත මුහුදු කළාපයේ සමුද්‍රිය ආරක්ෂාව සහ ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා නව නාවික හමුදාපතිතුමන් ලබා දෙන පූර්ණ සහාය පිළිබඳව එතුමාගේ ප්‍රසාදය පළකරන ලදී.

අද්මිරාල් ෆැලන් මහතා ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයට පැමිණීම සනිටුහන් කරමින් එතුමන් හට සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top