ශ්‍රී ලනිප සංවත්සරයට මහින්දට ආරාධනා ලැබී නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය සදහා තමන්ට මෙතෙක් කිසිදු ආරාධනයක් ලැබී නොමැති බව. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බොහෝ දෙනෙකුට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්රසය සදහා ආරාධනා ලැබී නොමැති බවයි.

කෝට්ටේ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top