ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති එක්දින තරඟාවලියේ ජය ඉන්දියාවට

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 05ට 0ක් ලෙස ජයගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ(03) සමත් විය.

ඒ කොළඹ තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති අවසන් එක්දින තරඟය කඩුලු 06 කින් ජය ගැනීමෙන් අනතුරුවය. තරඟයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 238කි. ලකුණු 239ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 03ක් තුළ එම ඉලක්කය පසු කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top