උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්ණයට විසඳුමක් නොදී, රට ආර්ථික වශයෙන් නිදහස් කළ නොහැක

සිංහල ජනතාව අතර වෙනසක් ඇතිවී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි. රටතුල පවතින අසාමාන්‍ය තත්වය දිගටම පැවැතීමෙන් තමන්ට කිසිදු යහපතක් නොලැබෙන බව සිංහල ජනතාව අවබෝධ කරගෙන ඇති බව හෙතෙම පවසා තිබේ.

ඒ අනුව මෙම රට වත්මන් තත්වයේ සිට ආර්ථික වශයෙන් නිදහස්වීමට නම් උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කළ යුතු බව හෙතෙම පවසා තිබේ.

ඉලන්කයි තමිලරසු පක්‍ෂය විසින් සංවිධාන කරන ලද ඒ. අමිර්දලිංගම් මහතාගේ 90වන ජන්ම දින උත්සවය ඊයේ (3) දින යාපනය පොදු පුස්තකාලයේ ශ්‍රවණාගාර ශාලාවේදී පැවැත්වුණි. එම අවස්ථාවට එක්වෙමින් සම්බන්‍ධන් මහතා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top