කරුණා අම්මාන්ට එරෙහි විමර්ශන අවසන් – සී.අයි.ඩී ය අධිකරණයට වෙත දැනුම් දෙයි..

එල්.ටි.ටි.ඊ. සංවිධායේ හිටපු සන්නද්ධ අංශයේ නායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් (කරුණා අම්මාන්) එරෙහිව සිදු කළ විමර්ශන අවසන් කර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි 9 ක් වටිනා වෙඩි නොවදින වාහනයක් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරුණී.

විමර්ශන ගොනු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සදහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි මූල්‍ය අපරාධ කොට්ඨාසය දන්වා සිටියේය. සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. නඩුව දෙසැම්බර් මස 14 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top