පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික්ක වල ජනතාව කඳු කඩාවැටීම්, ගල් පෙරළීම් ඇතුළු නායයෑම් ලක්ෂණ දුටු වහාම අදාළ ස්ථාන වලින් ඉවත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනු ලැබේ.
එසේම ගංගා ආශ්රිත ප්‍රදේශ වල ජනතාවද ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසටද දැනුම් දෙයි. මේ වන විට පොලීසිය, ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ නිළධාරීන් පවතින ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පැවසීය.