අර්ජුන් ඇලෝසියස්ට නොතීසි

ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසම අර්ජුන් ඇලෝසියස් මහතාට නොතීසි නිකුත් කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් දැනුම් දීම සඳහා ඔහු නිවසේ හෝ කාර්යාලයේ නොසිටි බව නිලධාරීන් කොමිසමට දන්වා සිටීමෙන් අනතුරුව, ඇලෝසියස් මහතාට මෙම දැනුම් දීම කරන්නැයි කොමිසම විසින් නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

මේ අතර අර්ජුන් ඇලෝසියස් මහතාගේ ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රවල අංක නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top