නල්ලූර් කන්දන් කෝවිලේ වාර්ෂික ආදායම ලක්‍ෂ 137යි – ආදායම නගර සංවර්ධනයට

එයිතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික ආදායම ලෙස රුපියල් එක් කෝටි 37 ලක්‍ෂ 43 දහස් 163ක් ලැබී ඇති බව යාපනය මානගර සභා කොමසාරිස් පී. වාකීසන් මහතා පවසයි. ඔහු විසින් නිකුත් කළ නිවේදනයකදී මේ බව සඳහන් කර තිබේ.

2017 වසරේ නල්ලූර් කෝවිලේ උත්සව සමයේදී, වෙළඳසැල්, දැන්විම් පුවරු, ආයුර්වේද බෙහෙත් විකිණීම, සඟරා විකිණීම, සහ අධාර වශයෙන් මානගර සභාවට රුපියන් දෙකෝටි 58 ලක්‍ෂ 88 දහස් 94ක් මුළු ලැබී ඇත.

එහිදී මානගර සභාවේ වියදම ලෙස රුපියන් 68 ලක්‍ෂ 37 දහස් 717ක් වියදම් කර ඇත. ඒ අනුව මෙවර ආදායම ලෙස එක් කෝටි 37 ලක්‍ෂ 43 දහස් 163ක් ලැබී ඇති බවත්, මෙම මුදල නගර සංවර්ධනය සඳහා යෙදවීමට තීරණය කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top