අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට රජය පිළිතුරු ලබාදිය යුතුයි – යුරෝපා සංගමය

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට රජය පිළිතුරු ලබාදිය යුතු යැයි යුරෝපා සංගමය පවසයි. පසුගිය දා අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවූ යුරෝපා සංගමයේ නියෝජිතයන් මේ බව පවසා තිබේ.

ජී.එස්.පී. පිලස් බදු සහනය ලබාදීම ගැන සොයා බැලීම සඳහා දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ නිරීක්‍ෂකයන් මෙලෙස අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවී සාකච්ඡා කර තිබේ.

දින 200ක කාලයක් කිලිනොච්චියේ සත්‍යග්‍රහයක නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ සාකච්ඡා කළ එම නියෝජිතයන් මේ සම්බන්‍ධයෙන් රජය කඩිනමින් නිසි පිළිතුරක් ලබාදිය යුතු බව අවධාරණය කර තිබේ. මෙම සත්‍යග්‍රහය පවත්වාගෙන යන තත්වයක අතුරුදන්වූවන්ගේ මව්වරුන් පස් දෙනෙකු මිය ගොස් තිබීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top