දිවයිනේ දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු අඟවීම්

රත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික් 05 සඳහා ඉදිරි පැය 24 කාලය සඳහා නායයෑම් අනතුරු නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කොට ඇත.

පසුගිය පැය 72 තුළ වර්ෂාපතනය මිලිමීටර් 250 ඉක්මවා ඇතැ බැවින් මෙන් ම වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම, පොළොව ගිලා බැසීම සහ පස් කණ්ඩි කඩාවැටීම අවධානම් පිළිබඳ අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානවෙත යාමට සූදානම් වන ලෙස එම සංවිධානය මහජනතාවගෙන් ඉල්ලයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, අයගම, රත්නපුර, ඇලපාත, කුරුවිට සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, ඉංගිරිය සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අම්බගමුව කොරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ වෙත මෙලෙස නායයෑම් අනතුරු නිවේදන නිකුත් කොට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top