මුල්ලතිව් බස් නැවතුම් පොළ ඉදිකිරීමට දිස්ත්‍රික්ක ලේකම් පියවර ගත යුතුයි..

මුල්ලතිව් බස් නැවතුම් පොළ ඉදිකිරීමට දිස්ත්‍රික්ක ලේකම්වරයා කඩිනමින් පියවර ගත යුතු යැයි මුල්ලතිව් දිස්ත්‍රික්ක පොදු සංවිධාන අවධාරණය කර තිබේ. මුල්ලතිව් බස් නැවතුම් පොළ සිය ඉඩමයෙහි තාවකාලික කූඩාරම්වල ක්‍රියාත්මක වන අතර, නගරයට පැමිණෙන ජනතාව වැසි දිනවල දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටිති.

1990 වසරෙන් පසු මුල්ලතිව් නගරය යුද්දයෙන් හා සුනාමි ව්‍යසනයෙන් දැඩි ලෙස විනාශයට පත්විය, මුල්ලතිව් නගරයේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වන අතර, බස් නැවතුම් පොළට ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුත්තක් මෙතෙක් සිඳු කර නොමැත. ඒ සඳහා දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් සහ නිලධාරින් එක්ව කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි පොදු සංවිධාවලින් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top