මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (11) දින අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු මුහුදේ කච්චතිව් දූපතට නාවික සැතපුම් 2 ක් පමණ ඊසාන දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්වී තිබේ.
අත්අඩංගුවට පත්වූ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.