උතුර නැගෙනහිර කඳුකර දෙමළ ජනතා සංගමයේ නියෝජිතයන් ආණ්ඩුකාරවරයා හමුවෙයි..

උතුර නැගෙනහිර ජීවත්වන කඳුකර දෙමළ ජනතා සංගමයේ නියෝජිතයන් ඊයේ (11) දින උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. උතුරු පළාතේ ජීවත් වන කඳුකර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු, සංවර්ධන අවශ්‍යතා, ඇතුළු කරුණු රැසක් සම්බන්‍ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.

තවද කිලිනොච්චිය සේවා පොළ නව ගොඩනැගිල්ල සම්බන්‍ධයෙන් සහ මුල්ලතිව් මුල්ලියවලයි නාවට්කාඩු ප්‍රදේශයේ ජනතාව වෙත කරන වෙනස්කම් ගැන ද ආණ්ඩුකාරවරයාගේ අවධානයට යොමු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top