දිවයිනේ පළාත් කිහිපයකට සවස දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ප්‍රදේශවල විශේෂයෙන් සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තරමක් තදවැසි (මි.මි. 50 වැඩි) ඇතිවිය හැකිය. දිවයිනේ උතුරු අර්ධය හරහා විටින්විට හමන (පැ.කි.මී40-50 පමණ) තරමක් තද සුළං බලාපොරොත්තුවේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top