අම්පාර, බණ්ඩාරදූව ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස ට්රැක්ටර් රථයකින් කැටකාල වර්ගයේ දැව කදන් 76ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකුව ඊයේ රාත්රීයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය විසින් සිඳුකල වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද අම්පාර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.