කිඹුලකුගේ ප්‍රහාරයකට ලක්වු බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියකු මරුට

පානම කුඩාකල්ලිය හැඩඔය කලපුවේ බැස සිටියදී කිඹුලකුගේ ප්‍රහාරයකට ලක්වු බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියකුගේ සිරුර ඊයේ (15) පෙරවරුවේ හමුව තිබේ.

24 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික පෝල් මැක්ලීන් නමැති මාධ්‍යවේදියකු ඔහු ෆයිනෑන්ෂියල් ටයිම්ස් නම් පුවත්පතකට සේවය කර ඇත.

නාවික හමුදා කඳවුර සහ පානම පොලිසිය ඔහුගේ සිරුර සෙවීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබීය. හැඩඔය කලපුවේ මඩේ ගිලී තිබියදී ඔහුගේ සිරුර කිමිඳුම්කරුවන් විසින් සොයාගනු ලැබු බව පානම පොලිසිය පැවසීය.

බ්‍රිතාන්‍ය ජාතික පෝල් ස්ට්වට් මැක්ලන් තම මිතුරන් හත් දෙනකු සමග ආරුගම්බේ සංචාරයකට පැමිණ පොතුවිල් කොට්ටුකල්ලිය මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබේ. පසුව ඔහු කිසියම් අවශ්‍යතාවයක් සඳහා හැඩඔය මෝය අසල පිහිටි කඩොල් කැලයට ගොස් ඇති බව වාර්තා වේ. ඉන් අනතුරුව නැවතත් කලපුවට බැස සිටියදී මෙම කිඹුල් ප්‍රහාරයට ලක්වි ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top