හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන යලි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ලබන මස 2 වනදා දක්වා යලි රක්‍ෂිත බන්‍ධනාගාර ගතකර තිබේ.

රජයට අයත් වාහනයක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරිමේ චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාශ විසින් ඉකුත් දා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාල නඩුව සම්බන්‍ධයෙන් ඔහු අද (18) දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2 වනදා දක්වා යලි රක්‍ෂිත බන්‍ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top