මධ්‍යම පළාත් සභාවේත් 20 සම්මතයි

පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීම වෙනුවෙන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාව විසින් වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත කර තිබේ.

අද උදෑසන පළාත් සභාව ආරම්භ වීමෙන් අනතුරුව සභාපති එල්.ඩී. නිමලසිරි මහතා විසින් අදාළ යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ.

ඊට පක්ෂව ඡන්ද 40ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 9කි. තවද මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top