ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටට ඇප

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාව හා අනුෂ පැල්පි මහතාව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසින් අද (20) ඇප පිට මුදා හැර තිබේ.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් අයකු අධිකරණ බල සීමාවේ පදිංචිකරුවකු වීම, අයකු ළඟම ඥාතියකු වීම හා අයකු රජයේ සේවකයකු වීම අනිවාර්ය කර තිබේ. තවද විදෙස් ගමන්ද තහනම් කර ඇති අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙසද නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600ක මුදලක් නීති විරෝධී ලෙස යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට පසුගියදා ඔවුන්ට ලැබුණු වසර තුනක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන්ගේ අසනීප තත්ත්වය හා අවුරුදු තුනක සිර දඬුවමක් වීම යන සුවිශේෂී කරුණු දෙක සලකා බලා ඇප ලබාදෙන බව මහාධිකරණය දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top