පාර්ලිමේන්තු මාර්ගය තාවකාලිකව වසා දමයි..

පාර්ලිමේන්තු වට රවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගය පොලීසිය විසින් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තාවේ.

අතුරුදන්වීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන්ම ඉවත් කළ යුතු බවට බල කරමින් පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමා ඇති බව පැවැසේ.

එමෙන්ම මේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී ඇති බවත් රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top