පාසල් කාලය තුළ අනවසරයෙන් පාසල් භූමියට ඇතුල්වීම, සිසුන්ව උද්ඝෝෂණවලට සම්බන්‍ධ කරගැනීම තහනම්

පාසල් කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විවිධ විරෝධතා ඇතුළු උද්ඝෝෂණවලට සහභාගී කරවීම හෝ අනවසරයෙන් පාසල් භූමියට කිසිදු පුද්ගලයකුට ඇතුළුවීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් චක්‍ර ලේඛයක්‌ නිකුත් කර අැත.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා විසින් මෙම චක්‍රෙල්ඛය නිකුත් කර ඇති අතර ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හෝ අධ්‍යාපන අධ්‍යක්‌ෂවරුන්ගේ අවසරයකින් තොරව පාසල් කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විවිධ විරෝධතා ඇතුළු උද්ඝෝෂණවලට සහභාගී කරවීම හෝ අනවසරයෙන් පාසල් භූමියට කිසිදු පුද්ගලයකුට ඇතුළුවීම තහනම් කර ඇත. අදාළ චක්‍රලේඛය සියළු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන අධ්‍යක්‌ෂවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂවරුන්ට යොමු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top