නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සිව් දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය විසින් බොරැල්ල සීවලීපුර ප්‍රදේශයේදී සිදු කල වැටලීමකදී වයස අවුරුදු 22ක පුද්ගලයකු හෙරෝයින් ලඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසෙල්වත්ත සාන්චි ආරච්චිවත්තගේ ප්‍රදේශයෙදී හෙරෝයින් ලඟ තබා ගෙන සිටි වයස අවුරුදු 44ක පුද්ගලයකු කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, කොල්ලුපිටිය පොලීසිය විසින් කොල්ලුපිටිය එඩ්වඩ් පටුමග ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී විදේශීය සිගරට් තොගයක් සමඟ චීන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top