ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමෙන්තුවේදී රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩයේ සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්විය.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාගත කළේ ය.

මෙම වාර්තාවට කොමිටු සාමාජිකයන්ගේ යෝජනා ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බවට යෝජනා වී තිබෙනවා.බෙදා වෙන් කළ නොහැකි ශ්‍රී ලංකාවක් සඳහා සියලු සමාජිකයන් සූදානම්. බලය බෙදීමකටත් සූදානම්. අතුර්ය් වාර්තාව සාමූහික ප්‍රයත්නයක්. මෙය ඓතිහාසික අවස්ථාවක්. මේ වෙනස ශ්‍රි ලංකාවට මතු වාසනාවන්ත යුගයක් උදා වන බවද අග්‍රාමාත්‍යවරයා වාර්තාව ඉදිරිපත් කරමින් පැවසී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top