කන්නකිනගර් බටහිර ජනතාවට නියං ආධාර ලැබී නැහැ – සංදේශයක් භාර දෙයි..

කිලිනොච්චිය කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කන්නකිනගර් බටහිර ප්‍රදේශයේ ජනතාවට නියං ආධාර නොලැබුණු බව පවසා කරයිච්චි ප්‍රාදේශිය ලේකම් සහ දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත සංදේශයක් භාරදී තිබේ.

අද (21) දින පෙරවරු 10ට පමණ කන්නකිනගර් ජනතා නියෝජිතයන් පිරිසක් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය සහ දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයට පැමිණ ඉකුත් සංදේශය භාරදුන්හ.

පසුගිය මාස කිහිපයක් තිස්සේ කිලිනොච්චියේ පවතින දැඩි නියං තත්වය හේතුවෙන් තම ප්‍රදේශයද පීඩාවට පත්වී ඇති බවත්, නමුත් දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට ලබාදුන් අයුරින් තම ප්‍රදේශයට කිසිඳු නියං ආධාරයක් ලබාදී නැති බව එම ජනතාව පවසා සිටිති.

මෙම ප්‍රදේශයෙහි පවුල් 85ක් පමණ ජීවත් වන අතර, නැවත පදිංචියෙන් පසු ආරම්භ කාලයේදී පමණක් ලබාදුන් අධාර කිහිපයක් හැර වෙනත් කිසිඳු සහනයක් ලබාදී නොමැති බවත්, යටිතල පහසුකම් කිසිවක් නොමැතිව ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටින බවද පැවැසේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top