පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී කාරකසභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය මහතා දැන්වීය.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළව දෙවැනිවර කියවීමේ ඡන්දයෙන් පක්ෂව ඡන්ද 154 ද විපක්ෂව ඡන්ද 44 ලැබුණි.

පනත් කෙටුම්පත තුන්වැනිවර කියවීමට අඳාළව ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 159 ක්ද විපක්ෂව ඡන්ද 37 ක්ද ලැබිණි. ඒ අනුව පනත් කෙටුම්පත තුනෙන් දෙකකින් සම්මත විය. ඊයේ දවස පුරා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය පැවැත්විණි.

පළාත් සභා ඡන්ද විමසිම් පනත් කෙටුම්පතට අදාල සංශෝධන සදහා පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත කිරීම අවශ්‍ය බව නීතිපතිවරයා දන්වා ඇතැයි කතානායකවරයා සභාව වෙත දන්වා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top