යාපනය මයිලිටි ප්‍රදේශයෙන් ගුවන් යානා නාශක පතුරම් තොගයක් සොයා ගනී..

යාපනය, මයිලිටි ප්‍රදේශයේ පාළු ළිඳක තිබී ගුවන් යානා නාශක පතුරම් 5700ක් සහිත පතුරම් පෙට්ටි 67ක් ඊයේ (25) දින සවස සොයාගත් බව කාන්කසන්තුරයි පොලිසිය පවසයි.

අදාළ ළිඳ පිරිසිඳු කිරීමේදී මෙම පතුරම් පෙට්ටි තොගය හමුවී ඇති අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පතුරම් පෙට්ටි ගොඩගෙන තිබේ. මයිලිටි ධීවර වරාය ඇතුළු ප්‍රදේශය ජනතා භාවිතාව සඳහා මෑතකදී නිදහස් කර තිබීම විශේෂත්වයකි.

පලාලි ගුවන් හමුදා කඳවුර ආසන්නයේ මයිලිටි ප්‍රදේශයද පිහිටා තිබෙන අතර, යුද්දය පැවැති සමයේ කොටි සංවිධානය විසින් පලාලි ගුවන් පථයෙන් පිටත්වන ගුවන් යානා ඉලක්ක කර පහරදීම සඳහා මෙම පතුරම් තොගය ගෙනවිත් ඇති බවට ආරක්‍ෂ අංශය සැක පළ කර තිබේ.

මෙලෙස සොයාගත් පතුරම් තොගය මල්ලාකම් මහසේත්‍රාත් අධිකරණ නියෝගය මත බෝම්බ නිශ්ක්‍රිය අංශය වෙත භාරදීමට නියමිත බවත්, පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top