හිටපු කොටි සාමාජිකයන්, ආබාධිතයන්ට ජීවනෝපාය සඳහා ප්‍රදේශයේ තුලම රැකියා අවස්ථා ලබාදීමට තීරණය කර තිබෙනවා

හිටපු කොටි සාමාජිකයන්, ආබාධිතයන්ට සිය ජීවනෝපාය සඳහා ප්‍රදේශයදීම රැකියා අවස්ථාවක් ලබාදීමට සැලසුම් කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා පවසයි.

ඊයේ (25) දින කිලිනොච්චියේදී පපඩම් නිෂ්පාධනාගරයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

හමුදාව යටතේ තිබුණු ප්‍රදේශ රැසක් අපගේ මැදිහත්වීම හේතුවෙන් අද නිදහස් කර තිබෙනවා, උතුරේ කාන්තා ගෘහ මූලිකත්වය දරන පවුල් 90 දාහක් පමණ සිටිනවා, ඔවුන්ට අවශ්‍ය ආර්ථිකත්වය නඟා සිටුවීම සඳහා වූ වැඩසටහන් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය විසින් ගත් තීරණවලට අනුව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ යෝජනාවලට අනුව රජය බලපෑම්වලට ලක්වී ඒ සඳහා වූ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද මාවයි සේනාදිරාජා මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top