නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහජීවනයට ප්‍රමුඛත්වයක් – අගමැති

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සහජීවනය වෙනුවෙන් දැල්වූ පහනක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ආගමික සිද්ධස්ථාන නගා සිටුවීම සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ හින්දු ආගමික ස්ථාන සඳහා මුදල් පරිත්‍යාග කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

එහිදී හින්දු ආගමික ස්ථානයක් සඳහා රුපියල් 50,000බැගින් ලබා දෙන ලදි. අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top