දිස්ත්‍රික් තුනකට නායයෑම් අනතුරු නිවේදන

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළුතර, රත්නපුරය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනට නායයාමේ අනතුරු හඟවා ඇත.

පසුගිය පැය 24තුළ වර්ෂාපතනය මිලිමීටර් 75ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලා බැසීමේ අවධානම පිළිබඳ ව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top