මාගම්පුර වරාය සේවකයෝ රැකියා සුරක්ෂිත කරදෙන ලෙස ඉල්ලා වර්ජනයක

මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ සේවකයයෝ අද(27) පෙරවරු 8 සිට සංකේත වර්ජනයක් ආරම්භ කළ බව මාගම්පුර වරාය සේවක සංගමය පවසයි. වරායේ සේවකයින් 467 දෙනාගේ රැකියා සුරක්ෂිත කරදෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කරන බව සංගමයේ ලේකම් ගයාන් සඳරුවන් මහතා කියයි.

වරාය චීන සමාගමකට බදු දීමත් සමග සේවක සේවිකාවන්ගේ රැකියා දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි ද ලේකම්වරයා සඳහන් කරනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top